නීතිමය

Privacy Policy

posmo.lk app එක, cloud service එක සහ මේ website එක පාවිච්චි කරනකොට අපි තොරතුරු එකතු කරන, පාවිච්චි කරන සහ ආරක්ෂා කරන විදිහ.

අවසන් update

අපි කවුද

posmo.lk කියන්නේ ව්‍යාපාර වලට mobile POS app එකක් සහ cloud service එකක් දෙන සේවාවක්.

අපි process කරන තොරතුරු

  • Account details — ව්‍යාපාරයේ නම, owner සහ staff නම්, email, phone, ආරක්ෂිතව hash කරපු password එක
  • ව්‍යාපාර records — products, stock, මිල, barcode, suppliers, PO, GRN, sales, payments, returns, quotations
  • ගනුදෙනුකරු records — customer profiles, Khata credit සහ ගෙවීම්
  • ව්‍යාපාර වර්ගයට අදාළ records — tables, kitchen tickets, appointments, vehicles, job cards, pets, delivery jobs, recipes
  • Billing — ඔයාගේ plan එක සහ upload කරන bank transfer slips
  • Messages — contact form එකෙන් හෝ email එකෙන් එවන දේ
  • Technical data — service එක ආරක්ෂිතව තියාගන්න basic request logs (IP address, device, app version)

ඒවා පාවිච්චි කරන්නේ ඇයි

  • විකුණුම්, stock, customers, purchasing, reports වගේ app features දෙන්න
  • Login සහ staff ට දෙන roles / permissions වැඩ කරන්න
  • Offline දාපු sales net ආවම sync කරන්න
  • Welcome, plan, renewal emails සහ monthly reports යවන්න
  • ගෙවීම් check කරන්න, support දෙන්න, service එක අනිසි පාවිච්චියෙන් ආරක්ෂා කරන්න

අපි ඔයාගේ තොරතුරු විකුණන්නේ නෑ, advertising වලට පාවිච්චි කරන්නෙත් නෑ.

Phone එකේ තියෙන data

Offline විකුණන්න පුළුවන් වෙන්න catalog cache එකක්, hold carts සහ sync නොවුණු sales phone එකේ තියාගන්නවා. App එක uninstall කළාම හෝ storage clear කළාම ඒවා delete වෙනවා.

තොරතුරු බෙදාගන්නේ කාත් එක්කද

ඔයාගේ ව්‍යාපාරයේ data අනෙක් ව්‍යාපාර වලින් වෙන් කරලා තියෙන්නේ. Servers host කරන සහ emails යවන service providers එක්ක විතරක්, ආරක්ෂා කරන්න බැඳීම් යටතේ, නැත්නම් නීතියෙන් ඉල්ලුවොත් විතරක් බෙදාගන්නවා.

ආරක්ෂාව

Data යවන්නේ encrypted HTTPS හරහා. Passwords hash කරලා තියෙන්නේ. හැම ව්‍යාපාරයකම data බලන්න පුළුවන් ඒ ව්‍යාපාරයේ accounts වලට විතරයි.

තියාගැනීම සහ delete කිරීම

Account එක active කාලේ data තියාගන්නවා. ඕනෑම වෙලාවක account එක සහ data delete කරන්න ඉල්ලන්න පුළුවන් — account delete පිටුව බලන්න.

ළමයි

posmo.lk කියන්නේ ව්‍යාපාර tool එකක්. ළමයින් සඳහා නෙමෙයි.

වෙනස්කම්

වැදගත් වෙනසක් කළොත් ඉහත දිනය update කරලා, අවශ්‍ය නම් app එකෙන් හෝ email එකෙන් දන්වනවා.

සම්බන්ධ වෙන්න

Privacy ප්‍රශ්න: [email protected] හෝ contact පිටුව.