Account
posmo.lk account එක delete කරන්න
posmo.lk account එක සහ ඒකට අදාළ data delete කරන්න request කරන විදිහ.
Request කරන විදිහ
- posmo.lk එකට login වෙන email එකෙන් [email protected] එකට email එකක් එවන්න.
- Subject එක: Delete my posmo.lk account
- ව්‍යාපාරයේ (store) නම සහ account එකේ register කරපු email හෝ phone number එක දාන්න.
Request එක account owner ගෙන් ආපු එකක්ද කියලා check කරලා, දින 7ක් ඇතුළත account එක delete කරලා email එකකින් confirm කරනවා.
Delete කරන්න පුළුවන් කාටද
ව්‍යාපාරයේ owner ට සම්පූර්ණ business account එක delete කරන්න පුළුවන්. එතකොට ඒ ව්‍යාපාරයේ staff logins ත් delete වෙනවා. තමන්ගේ staff login එක විතරක් delete කරන්න ඕනේ නම් owner ට කියන්න, නැත්නම් staff login email එකෙන් අපිට email කරන්න.
Delete වෙන data
- Account සහ login details (නම, email, phone, password hash)
- Business profile සහ store settings
- Staff accounts සහ roles
- Products, stock, barcode, මිල
- Customers, Khata credit, ගෙවීම්
- Sales, payments, returns, quotations, suppliers, PO, GRN
- Tables, kitchen tickets, appointments, vehicles, job cards, pets, delivery jobs, recipes
තියාගන්න පුළුවන් data
Account එක delete කළාට පස්සේ data තියාගන්නේ නෑ. නීතියෙන් යම් records තියාගන්න ඕනේ නම් විතරක්, ඕනේ දේ විතරක්, ඕනේ කාලයට විතරක් තියාගෙන පස්සේ delete කරනවා.
Phone එකේ data
posmo.lk phone එකේ catalog cache එකක් සහ offline sales queue එකක් තියාගන්නවා. App එක uninstall කළාම, නැත්නම් Android settings වලින් app storage clear කළාම ඒවා delete වෙනවා.
Account එක තියාගෙන data ටිකක් විතරක් delete කරන්න
Account එක close නොකර යම් records (උදා: customer profile එකක්, පරණ sales) delete කරන්න ඕනේ නම්, delete කරන්න ඕනේ දේ ලියලා [email protected] එකට email කරන්න.